මානුෂීය ආධාර රැගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ට්‍රක් රථ මේ වන විට ගාසා තීරයට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒවා ඊජිප්තුවේ සිට රෆා දේශසීමාව හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති අතර පළමු ආධාර තොගය යටතේ ට්‍රක් රථ 20 ක් ගාසා තීරය වෙත ගමන් කර තිබෙනවා.
මෙහි දී ප්‍රධාන වශයෙන් ඖෂධ සහ ඉන්ධන ආදිය ලබා දී ඇති අතර එක් ට්‍රක් රථයක මිනී පෙට්ටි පටවා තිබුණු බවයි BBC වාර්තා කරන්නේ.
මේ අතර හාමාස් ත්රස්තවාදීන් විසින් දැනට ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 210 ක් ලෙස දැනුම් දී තිබෙනවා.
පලස්තීනයේ පසුගිය සති දෙක තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 4,385 දෙනෙකු මියගොස් ඇති අතර ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,400ක් පමණ මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල රජය විසින් ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් පිටව යන ලෙස පවසා ඇති බව AFP ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන තිබෙනවා.



