නෙදර්ලන්තය පරදවමින් සිංහයන්ට ජය

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය වන ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර අද පැවැත්වුණා.

එහි දී කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණා.

Sybrand Engelbrecht ලකුණු 70ක්ද, Logan van Beek ලකුණු 59ක්ද, Colin Ackermann ලකුණු 29ක්ද, Max O’Dowd සහ Scott Edwards ලකුණු 16 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Dilshan Madushanka සහ Kasun Rajitha කඩුලු 04 බැගින්ද, Maheesh Theekshana එක කඩුල්ලක්ද දවා ගනු ලැබුවා.

ලකුණු 263ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 263ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Pathum Nissanka ලකුණු 54ක්ද, Charith Asalanka ලකුණු 44ක්ද, නායක Kusal Mendis ලකුණු 11ක්ද, Dhananjaya de Silva ලකුණු 30ක්ද රැස් කරනු ලැබුවා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Sadeera Samarawickrama නොදැවී ලකුණු 91ක්ද, Dushan Hemantha නොදැවී ලකුණු 04ක්ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යනු ලැබුවා.