ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් මුදා හරී

හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින 200 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් අතරින් දෙදෙනෙක් ඔවුන් විසින් මුදා හැර තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන් විසින් මෙලෙස මුදා හැර ඇත්තේ ඇමරිකානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් වන ජුඩිත් සහ නටාලි රානන් යන දෙදෙනායි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයන් දිගටම සිදු කරමින් පවතින බවයි.

හමාස් සංවිධානය විසින් මීට සති දෙකකට පමණ පෙර ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී මෙලෙස ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අල්ලා ගනු ලැබුවා.

ඊජිප්තුවේ සිට ගාසා තීරයට ප්‍රථම ආධාර තොග යැවීමට ඉඩ සලසමින් රෆා දේශසීමා හරස් මාර්ගය අද විවෘත කළ හැකි වන බවට අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී António Guterres ප්‍රකාශ කරනවා.

නිදහස් වූ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා සිය ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින්