බේකරි නිෂ්පාදන මිල ඉහළ යෑමක් නැහැ

විදුලි බිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ විදුලි බිල 18% කින් ඉහළ යාම තම කර්මාන්තයට දැඩි ලෙස බලපාන බවයි.

කෙසේවෙතත් පාරිභෝගික ජනතාව මේ වන විට දැඩි ආර්ථික පිඩනයකින් පසුවන බැවින් ඔවුන්ට අඩු මිලට පාන් ලබා ගැනීමට ඇති සහන අහිමි නොකරන බවයි ඔහු වැඩිදුරටත් ස්නාධන කළේ.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ම පාන් සහ බේකරි නිෂ්පාදන මිල දී ගත හැකි වනවා.