බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපයක්

අද උදෑසන දිවයිනේ නිරිත දිග කොටසට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මානය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම අඩු පීඩන කලාපය ලබන ඔක්තෝබර් 23 වනදා පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-45 ක්හැකි අතර අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැකි බවයි අනතුරු ඇඟවීමක් සිදු කරන්නේ.

තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඉතා රළු හෝ රළු මුහුදු ප්‍රදේශ ද අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.