මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට

2024 IPL සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර කණ්ඩායමේ නායකත්වය Mark Boucher විසින් දරනු ලබන අතර මාලිංග සමඟ මින් පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ Kieron Pollard ද එහි පුහුණුකරුවෙක් ලෙස නම් කර තිබෙනවා.

මාලිංග 2009 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ වසර 13 කර ආසන්න කාලයක් ගත කර ඇති අතර, ඔහු ක්‍රීඩකයෙකු ලෙස IPL ශුරතා හතරක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතු කිරීමට සමත් වුණා.

එසේම 2018 IPL සඳහා පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

මින් පෙර මාලිංග රාජස්ථාන් රෝයල්ස් කාන්දායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවා.