හමාස් ත්රස්තවාදීන් විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 200 දෙනා අතර වයස අවුරුදු 18ට අඩු ළමුන් 20කට වැඩි පිරිසක් සිටින බව ඊශ්‍රායල හමුදාව නිවේදන කර තිබෙනවා.
ඒ අතර වයස අවුරුදු 3 ක දරුවන් තිදෙනෙක් සහ මාස 09ක් වයසැති දරුවෙක් ද වන බවයි BBC සඳහන් කර තිබෙන්නේ.
එසේම ඒ අතරින් 10 ත් 20 ත් අතර ප්‍රමානයක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන බවයි වාර්තා වෙන්නේ.
එලෙස හමාස් ත්රස්තවාදීන් විසින් රඳවා ගෙන සිටින පිරිසෙන් බහුතරයක් ජිවතුන් අතර ඇති බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.
මේ අතර නවතම වාර්තා වලට අනුව ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 4,137 දක්වා ඉහළ ගොස් ඇති අතර 13,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

