ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රීඩා තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිමය බලයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කරනවා.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟාවලියේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක මාස 11ක නඩු විභාගයකින් අනතුරුව නිවැරැදිකරු බව තීන්දු කර සියලු චෝදනාවලින් නිදහස් වෙනු ලැබුවා.
ඉන් පසුව ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව 2022 නොවැම්බර් මාසයේදී ඔහුට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නිර්දේශ කර තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම කරුණ දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බැවින් එවැනි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි.
ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා නීතිපති උපදෙස් මත සහ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් තහනම ඉවත් කළ හැකි බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

