යුධමය වාතාවරණය හේතුවෙන් පිඩාවට පත් වී සිටින ගාසා තීරයේ ජනතාවට මානුෂිය ආධාර ලබා දීමට ඇමරිකාව සහ ඊජිප්තුව එකඟ වී තිබෙනවා.
ඒ අනුව එම ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට ට්‍රක් රථ 20ක් දක්වා යාමට ඉඩ සැලසෙන පරිදි රෆා හරස් මාර්ගය විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඊශ්‍රායල රජය පවසා ඇත්තේ මෙම මානුෂිය ආධාර ජලය, ඖෂධ සහ ආහාර පමණක් වනතාක් ඒවා රැගෙන යන ට්‍රක් රථ වලට යෑමට ඉඩ සලසා දෙන බවයි.
එසේම හමාස් සටන්කාමින් විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ඊශ්‍රායල රජයෙන් ගාසා තීරයට කිසිදු මානුෂිය ආධාරයක් ලබා නොදෙන බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ.

මානුෂිය ආධාර ලෙස ලබා දීමට සකස් කර ඇති බේකරි ආහාර

