එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න – සජිත්

පවතින ඊශ්‍රායල-පලස්තීන ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කර තිබෙනවා.

ගාසා තීරයේ අල්-අහ්ලි අරාබි රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බවත්, ගැටුමෙන් මේ දක්වා ඊශ්‍රායල ජාතිකයින් 1400 ක් සහ පලස්තීනුවන් 3000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

එය සමූල ඝාතනයක් බව ප්‍රකාශ කළ සජිත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වහාම කැඳවන ලෙසත් දැනට පවතින ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටියා.