එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වන දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය ලෙස රටේ පවතින පද්ධතිය වෙනස් කිරීමෙහි ලා මූලික අඩිතාලම එක්සත් ජාතික පක්ෂය විසින් සකස් කළ යුතු බවයි පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරන්නේ.
එහි දී රටේ අවශ්‍යතාවයන් වලට ගැළපෙන ආකාරයට 2048 වෙනුවෙන් ඔබින නව ව්‍යවස්ථාවක් පක්ෂයට හඳුන්වා දීම මෙහි දී සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර වර්ෂාව නිසා පවතින අපහසුතා මඟ හරවා ගැනීම සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය තෝරා ගෙන තිබෙනවා.

