ඉදිරි පැය 24 ක කාලය තුළ දී ගාසා හි පිහිටි සියලුම රෝහල් වල ඉන්ධන අවසන් විය හැකි බැවින් එම රෝහල් වල සිටින රෝගීන් දහසකටත් වැඩි සංඛ්‍යාවකගේ ජීවිත අවදානමක ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
මේ වන විට දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම ලබාදීම යළි ආරම්භ කර ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.
ඒ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
නවතම වාර්තා වලට අනුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2,450 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, සුන්බුන් යට 1,000 ක් අතුරුදහන් වී තිබෙනවා.

