හල්දුම්මුල නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එසේම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් අද පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ.