ගාසා තීරයේ පවතින යුදමය වතාවරණය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම්වල අවිනිශ්චිතභාවය හේතුවෙන් දැනට මෙරට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස දෙකක කාලයකින් පසු රටේ දැනට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බලශක්ති අමාත්යංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙහි දී යම් හෙයකින් යළිත් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් පෙර පැවැති QR කේත ක්රමය යළි ආරම්භ කරන්නේ ද නැතහොත් වෙනත් කළමණාකරන සැපයුම් ක්රමවේදයක් ක්රියාවට නංවන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයට එළඹීමට නියමිතව තිබෙනවා.
දැනට ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් මතුව නොමැති අතර ඉදිරියේ දී යම් අර්බුදයක් ඇති වුවහොත් ඊට පෙර සුදානමක් ලෙස යම් සැලසුමක් සකස් කරන ලෙස රජය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

