තම පාසලේ සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් වෙයි

නැගෙනහිර පළාතේ පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම නැගෙනහිර පළාත තුල සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කරමින් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම නියෝග කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට බලය පවරා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා යොමු කළ හැකි වනවා.