නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන 9 සිට ඉදිරි පැය 24 දක්වා ගංවතුර අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කර තිබෙන අතර ඒ ආශ්රිත ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
විශේෂයෙන් ම අතුරු මාර්ග භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

