ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු සහයෝගයෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට හැකි උපරිම සහය ලබාදීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හදිසි අවශ්‍යතා, විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නිලධාරීන්ට දුන් උපදෙස් වලට අනුකුලව යි.
ඒ අනුව ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ට සිය දුෂ්කරතා සහ අවශ්‍යතා සම්බන්ධයෙන් ඍජුවම ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දීම සඳහා පහත ක්‍රම අනුගමන කළ හැකි වනවා.
දුරකථනය: (+94) 117966396
WhatsApp: (+94) 767463391
විද්‍යුත් තැපෑල: opscenga@gmail.com

