හමාස් විසින් ගාසා තීරයට යටින් ඉදිකරන ලද රහසිගත උමං මාර්ගවලට පහර දීමට සැලසුම් කර ඇති බව ඊශ්රායල ආරක්ෂක අංශ පවසනවා.
“ගාසා තීරය සිවිල් වැසියන් සඳහා එක් ස්ථරයක් ලෙස සහ හමාස් සඳහා තවත් ස්ථරයක් ලෙසත් සිතන්න. අපි උත්සාහ කරන්නේ හමාස් විසින් ගොඩනගා ඇති එම දෙවන ස්ථරයට යාමටයි” යනුවෙන් ඊශ්රායල ආරක්ෂක හමුදා (IDF) ප්රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
ඊශ්රායල ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ මෙලෙස ඔවුන් පහර දීමට සැලසුම් කර ඇත්තේ සිවිල් වැසියන්ගේ බංකර සඳහා නොව හමාස් සහ අනෙකුත් ත්රස්තවාදීන් පමණක් ඔවුන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීමට සහ ප්රහාර දියත් කිරීමට භාවිතා කරන උමං මාර්ග වලට බවයි.
Gaza Metro ලෙස නම් කර ඇති මෙම උමං මාර්ග ජාලයේ ප්රමාණය ගණනය කිරීම ඉතා අපහසු බවත්, එය කිලෝමීටර් 41ක් දිග සහ කිලෝමීටර් 10ක් පළලින් යුත් භූමි ප්රදේශයකට යටින් විහිදෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.
2021 දී ඇති වූ ගැටුමකින් පසුව, IDF කියා සිටියේ ඊශ්රායල ගුවන් ප්රහාරවලින් කිලෝමීටර 100 කට වඩා උමං මාර්ග විනාශ කළ බවයි.
එයට පිළිතුරු දෙමින් හමාස් සංවිධානය කියා සිටියේ තම උමං මාර්ග කිලෝමීටර් 500ක් විහිදී ඇති බවත් පහර වැදී ඇත්තේ 5%ක් පමණක් බවත්ය.


