ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට ගමන් කරන ලෙස ඊශ්‍රායලය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එම භුමි ප්‍රමාණයේ මිලියන 1.1 ක් පමණ ජනතාවක් ජිවත් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන්නේ පැය 24ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔවුන් සියල්ලන්ටම ඉවත් වීම අපහසු දෙයක් බවයි.
කෙසේවෙතත් හමාස් සංවිධානය පවසන්නේ මෙම අනතුරු ඇඟවීම ව්‍යාජ එකක් වන බවයි.
ඊජිප්තුවේ ප්‍රවීණ දේශපාලනඥයෙකු වන Mustafa Bakri චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය මේ උත්සාහ කරන්නේ පලස්තීනුවන් ඊජිප්තු දේශසීමාවට ඇතුළු කිරීමට බවයි.
මේ වන විට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,537ක් මිය ගොස් 6,612ක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.


