ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමිනුයි.
සංචාරය අතතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම අතර එළඹෙන සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පවත්වා ඇති අතර එහිදී රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති අතර කැබිනට් පත්‍රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

