වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඒ අනුව ලබන ඔක්තෝම්බර් 14 වන දා වළයාකාර සූර්යග්‍රහණය දැක ගත හැකි වන අතර එය මෙරට වේලාවෙන් පස්වරු 11:29 ට ආරම්භ වී පස්වරු 11:34 ට අවසන් වනවා.

ඒ කාලය තුළ ශ්‍රී ලංකාවට රාත්‍රිය උදා වී තිබීම හේතුවෙන් එය නිරීක්ෂණය කළ නොහැකි අතර අමෙරිකාව, මෙක්සිකෝව, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට එය දිස් වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

අර්ධ චන්ද්‍රග්‍රහණය මේ මස 28 වන දා සිදු වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11:32 න් ආරම්භ වන අතර ඔක්තෝම්බර් 29 වැනිදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා ශ්‍රී ලංකාවට දිස්වනු ඇත.

මෙම චන්ද්‍රග්‍රහණයේ අර්ධ අවස්ථාව ඔක්තෝම්බර් 29 වැනි දින අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර උපරිම ග්‍රහණය අලුයම 1.44ට දිස් වනු ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.