නිදහස් සෞඛ්‍ය සේවාව සහ මෙරට වෛද්‍යවරුන් රැක ගන්නා ලෙස රජයට බල කරමින් අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
මෙරට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් වෛද්‍යවරු මේ සඳහා එක් වීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
මෙම විරෝධතාවයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා සහ මහජන සම්මන්ත්රණ පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවත්, මේ හරහා විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කරන බවත් ඔවුන් සඳහන් කරනවා.

