විදුහල්පති හිඟය මඟ හරවා ගැනීම සඳහා ලබන නොවැම්බර් මස මුල දී නව විදුහල්පති පත්වීම් 4718 ක් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
එසේම ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705 ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405 ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ද ඉවත් කරන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඉදිරියේ දී ක්‍රමානුකුලව පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා වැඩි කරන, 2030 වන විට සියලුම පාසල් දරුවන් සඳහා දිවා ආහාරය නොමිලයේ ලබා දීමට ක්‍රියාකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

