මින් පෙර ද හටගත් ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් මිනිසුන් 2000 ක් පමණ මිය ගොස් සිටින කලාපයේ ම යළිත් රික්ටර් පරිමාණයේ 6.3 ක භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
එය එරට වේලාවෙන් උදෑසන 5.10 ට පමණ හේරත් නගරයට උතුරින් කිලෝමීටර් 28ක් දුරින් හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම දෙවන භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගම්මාන 12කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

