දකුණු පළාතට බලපෑ ගංවතුර අවදානම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මහතා පවසනවා.
ඒ සමඟම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.
මේ වන විට රත්නපුර, කෑගල්ල, කොළඹ,කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම,වවුනියාව, කුරුණෑගල, යාපනය, මඩකලපුව,බදුල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 12,719 ක පුද්ගලයන් 55,052 ක් බලපෑමට ලක් ව ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම මරණ 03 ක් ද, තුවාල සිදු වූ සංඛ්‍යාව 06 ක් ද ලෙස වාර්තා වනවා.

