උතුරට නව විදුලි බලාගාරයක්

උතුරු පළාතේ නව පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදිකිරීමට තීරණය කර ඇති උතුරු පළාත් ආණ්ඩුකාර පී. එම්.එස්. චාර්ල්ස් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

සූර්ය පැනල ක්‍රමය යටතේ මුලතිව් පුනරීන් ප්‍රදේශයේ අක්කර 6000ක භූමි ප්‍රමාණයක මෙම විදුලි උත්පාදන බලගාරය ඉදි කෙරෙන අතර ඉන් අක්කර 1,000 ක මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකියාවක් පවතින බව ඇය සඳහන් කළේ.

මෙම නව විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක වියදමකින් ඇමරිකානු සමාගමක් විසින් ස්ථාපිත කිරීමට නියමිත යි.