සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 ක ආදායමක්

20233 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට ආසන්න ආදායමක් ලබා ගෙන ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

2023 මුල් කාර්තු තුනෙහි සංචාරක ආදායම ඇ.ඩො.බිලියන 1.45 ක් වන අතර එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 67% වර්ධනයක් බවයි දැක්වෙන්නේ.

එම කාලයේ දී මිලියන 1.01 කට අධික සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

එසේම ඉදිරියට එළඹීමට තිබෙන ශිත ඍතුවේ දී සංචාරකයන් මිලියන 1.5ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ වසර අවසාන වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට අධික ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය වී තිබෙනවා.