ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

එසේම අකුණු මඟින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.