රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 318.22 සිට රු. 318.30 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එසේම ඩොලරයේ විකුණුම් මිල ද රු. 328.90 සිට රු. 328.93 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.