රන් මිල ඉහළට

මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක් රු 2,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රු. 155,400 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම කැරට් 24 රන් පවුමක මිල ද රු. 168,000ක් දක්වා රු. 3500 කින් ඉහළ ගොස් තිබෙනවා.