ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ +94716640560 සහ 1989 අංක ඇමතීමෙන් මෙරට ඔවුන්ගේ ඥාතීන්ට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවයි.
එසේම ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති වුවහොත් 0094 – 716640560 අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.
දැනට වාර්තා වන ආකාරයට ඊයේ දිනයේ පැවති ගැටුම් වලින් එක ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ශ්‍රී ලාංකිකයෙකු අතුරුදහන්ව සිටින බවයි සඳහන්.

