පිට පිට දෙවන රාත්‍රියටත් ගාසා තීරයට ප්‍රහාර

පලස්තීන හමාස් කණ්ඩායමට එරෙහිව නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසු ඊශ්‍රායල හමුදා විසින් පිට පිටම දෙවන රාත්‍රියටත් ගාසා තීරයට පහර දී තිබෙනවා.

ගාසා තීරය ආසන්නයේ හමුදා භටයන් 100,000ක් පමණ රැස්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු ඊශ්‍රායලයේ Karmia හි kibbutz මෙන්ම Ashkelon සහ Sderot යන නගරවල දරුණු ගැටුම් පවතින අතර ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 700 කට වැඩි පිරිසක් සහ පලස්තීන ජාතිකයින් 436 ක් මිය ගොස් තිබෙන බවයි නවතම වාර්තා වල දැක්වෙන්නේ.

එසේම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් දුසිම් ගනනක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.