කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඊයේ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟය අතරතුර දී නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ මෙතෙක් ආරම්භක පිතිකරුවෙකු නොවන පිතිකරුවෙකු විසින් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 72ක් එක්දින ඉනිමක පළමු ඕවර දහය තුළ දී රැස් කරමිනුයි.

මීට පෙර 2002 දී දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 55 සහ 2003 දී කැනඩාවට එරෙහිව බ්‍රයන් ලාරා ලබාගත් ලකුණු 51 වාර්තා අභිබවා යාමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඊයේ තරඟය අතරතුර දී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ද නව වාර්තා කිහිපයක්ම පිහිටු වීමට සමත් වී තිබෙනවා.

ඒවා නම්,

ලෝක කුසලාන තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව

සියලු එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව

අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව

ලෝක කුසලාන තරඟයක එක් ඉනිමක දී ශතක තුනක් වාර්තා කිරීම

දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම් ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ වේගවත්ම ශතකය