පාසල් සිසුන්ට විභාගවල ඇති බර අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩි කිරීම සඳහාත් 2025 වසර වන විට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට යන බව වාර්තා වෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කිරීමට සූදානමක් පවතින බවයි.
එහි දී සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය නොවන කාණ්ඩ විෂයයන්හි විභාග පාසල් මණ්ඩලවලින් පවත්වන විභාග හරහා ලකුණු ලබාදෙන ක්‍රමයක් අනුගමනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව උසස් පෙළ විෂය ධාරා සංඛ්‍යාව 8ක් හෝ 9ක් දක්වා වැඩි කිරීමට ද තීන්දු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එසේම දැනට පාසල්වල ක්‍රියාත්මක 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඇති ශ්‍රේණි ගණන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 12වන ශ්‍රේණිය දක්වා අඩු කෙරෙනු ඇත.

