අධික වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය සැප්තැම්බර් 26 වන දින සිට මේ දක්වා ඇදහැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් පවුල් 3,500කට අයත් පවුල්වල සාමාජිකයින් 8,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ සඳහන් කරන්නේ.
එසේම එම ප්‍රදේශයේ අර්ධ නිවාස හානි 250 ක් සහ තවත් පූර්ණ නිවාස හානි කිහිපයක් ද වාර්තා වන බවයි ලේකම්වරයා පවසනවා.
මේ වනවිට නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින සැලකිය යුතු ඉහළ මට්ටමේ ගංවතුර තත්ත්වය අද දිනය තුළ ද වර්ධනය විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේය.
එසේම කළු ගඟ ද්‍රෝණියේ කුඩා ඔය උපද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය සුළු වශයෙන් අඩුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

