මාර්ගය දෙපස අවදානම් ගස් ඉවත් කරන්න – ආරක්ෂක ඇමති

මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් සිදුකර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ.

අද පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.