තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක්

අද මධ්‍යහන 12.00 සිට ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද වැසි පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.

එසේම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි වනවා.

නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර ඔක්තෝබර් 07 සෙනසුරාදා පෙරවරු 09.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 09 කට කහ සහ ඇම්බර් අනතුරු ඇඟවීම් සහිත නායයෑම් අනතුරු ඇඟවීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.