වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 20 ක් අවලංගු වෙයි

දුම්රිය ක්‍රියාකරුවන් විසින් දියත් කර ඇති වර්ජනයක් හේතුවෙන් අද සවස කාර්යාල දුම්රිය ඇතුළු තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

අද පස්වරු 4.00 වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම ධාවනය වන දුම්රිය ද යම් ප්‍රමාදයක් සහිතව ධාවනය වන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙලෙස දුම්රිය මෙහෙයුම්කරුවන් විසින් අසනීප බව වාර්තා කරමින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.