ලාෆ් ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985.00 ක් ලෙස දැක්වෙනවා.

එසේම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 60 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1595.00ක් වනවා.