රජයේ රෝහල් වලට එන රෝගීන්ගේ වැඩි වීමක්

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට එන රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ නේවාසික ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එසේම බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවේ ද 42% ක පමණ වැඩි වීමක් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වර්තමානයේ මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් හමුවේ අගතියට පත් පුද්ගලයින්ට තොරතුරු ලබාදීමට whatsapp දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය අර්බුදයේ පීඩිතයන්ගේ හඬ සංවිධානය මගින් මෙම අංකය හඳුන්වා දී ඇති අතර ඒ අනුව 075 47 47 134 යන whatsapp දුරකථන අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබා දිය හැකි වනවා.