අද දින මෙරට රත්රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.156,800 ක සිට රු. 153,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එසේම පසුගිය අඟහරුවාදා රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා ද පහත වැටී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

