තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්

දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අද දහවල් 12.30 සිට ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ.