බස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසනවා .

අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බව යි එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේ.