ඉන්දුනීසියාව චීනයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 7.3 ව්‍යාපෘතියක් යටතේ අධිවේගී දුම්රිය මාර්ගයක් ගොඩ නැගීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සිට ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන බැන්ඩුන් නගරය වෙත දිවෙන මෙම දුම්රිය Whoosh ලෙස නම් කර තිබෙනවා.
මින් පෙර ජකර්තා අගනුවර සිට බැන්ඩුන් වෙත යාමට පැය 3 ක් පමණ ගත වුවත් මෙම අධිවේගී දුම්රියෙන් මිනිත්තු 40 ක් වැනි සුළු කාලයකින් එම දුර ගමන් කළ හැකි වනවා.
මෙම දුම්රිය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අතර මෙය රටේ කාබන් විමෝචනය අඩු කිරීමට මෙන්ම රථවාහන තදබදයට ද විසඳුමක් වනු ඇති බවයි එරට ජනාධිපති Joko Widodo ප්‍රකාශ කරන්නේ.

