ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

ගංගා කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරුමාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට තවදුරටත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

එසේම කැලණි ගංගාවේ අධික ජල ගලනය තවදුරටත් පවතින අතර අවිස්සාවේල්ල පහළ ප්‍රදේශයේ කැලණි ගඟේ යම් යම් ස්ථාන පිටාර ගලා ඇති බව ද වාර්තා වෙනවා.

කෙසේවෙතත් පසුගිය පැය 24 තුළ මෙම ගංගා ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව යි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.