2015 සිට 2022 දක්වා කාලය තුළ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 245.45 ක පාඩුවක් ලබා ඇති බව වාර්තා වෙනවා.
එහි නිලධාරින් සඳහන් කරන්නේ එම කාලය තුළ දී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 297.64 ක් වියදම් කර ඇති නමුත් ආදායම ලෙස උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 52.19 ක් පමණක් බවයි.
පසුගිය 2021 වසරේ එම දෙපාර්තමේන්තුවේ සමස්ත වියදම රුපියල් බිලියන 40.41 ක් වන අතර එය 2022 වසරේ රුපියල් බිලියන 42.53 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

