මී කිරි මිලේ ඉහළ යාමක්

මී කිරි හට්ටියක මිල මේ වනවිට රු 500 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.

එහි දී ඔහු සඳහන් කළේ මී කිරි නිෂ්පාදනයේ දී අතරමැදියන් වැඩි ලාභයක් ලබා ගැනීම මෙලෙස මී කිරි මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

දිවයිනේ මී කිරි නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශ සැලකීමේ දී කන්තලේ, කිතුල්උතුව, අග්බෝපුර යන ප්‍රදේශ ප්‍රධාන තැනක් ගන්නා අතර මෙම ප්‍රදේශවල තොග වෙළඳාමේ දී මී කිරි හට්ටියක් අලෙවි වන්නේ රුපියල් 200 ත් 240 ත් අතර මිලකට බවයි ඔහු පෙන්වා දෙන්නේ.