New York නුවරට හදිසි තත්වයක්

ප්‍රබල කුණාටුවක් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රදේශයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ ගමන්ගත් වාහන රැසක්ම ජලයෙන් යටවීම හේතුවෙන් එම ස්ථානවලම සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විටත් ගංවතුර හේතුවෙන් ගොඩනැගිලි වල සිර වී සිටින පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් La Guardia ගුවන් තොටුපලේ එක් පර්යන්තයක් ද වසා දමා තිබෙනවා.

ජාතික කාලගුණ සේවා දත්ත වලට මිලිමීටර 177 ක් ඉක්මවා ඇද හැලුනු මෙම වර්ෂාව වසර ගණනකින් නිව්යෝක් නගරයට ලැබුණු වැඩිම වර්ෂාපතනය වනවා.