අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබෙනවා..
ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ රියදුරන්ට පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.
මෙම ගංවතුර අනතුරු ඇඟවීම් හෙට (ඔක්තෝබර් 01) පෙරවරු 10.00 දක්වා බලපැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එමෙන්ම හෙට (ඔක්තෝබර් 01) පෙරවරු 10.00 දක්වා එනම් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 08කට නායයෑම් අනතුරු ඇඟවීම් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස 2 වැනි මට්ටමේ ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඇති විය හැකි නායයෑම් සහ ගල් පෙරළීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

