නිල්වලා ගඟ ද්‍රෝණිය සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලන හංගමු ගඟ පිටාර ගැලීමෙන් බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ග දෙකක්, අතුරු මාර්ග, නිවාස සහ පතල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබීම නිසා ගමනාගමයට බාධා එල්ල වී තිබෙනවා.
එසේම ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ද බද්දේගම උඩුගම මාර්ගය, නාගොඩ කුරුපනාව මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය, අගලිය මාර්ගය ජලයෙන් යටවී ඇති අතර බද්දේගම, අගලිය, නාගොඩ, උනන්විටිය, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් ගංගා ආශ්රිත පහත බිම් වල වෙසෙන ජනතාවට ගංවතුර සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ද,එන් ජනතාවට නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් සම්බන්ධව ද විමසිලිමත් වන ලෙස දැනුම් දෙනවා.

